අංක 01 ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකය දකුණු සුඩානයේදී "සූර්ය මංගල්‍යය" සමරයි
10:16am on Sunday 24th April 2016
මෙම "සූර්ය මංගල්‍යය" බක්මහ උළෙල දකුණු සුඩානයේ අංක 01 ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකය විසින් එම කදවුරු පරිශ්‍රයේදී 2016 අප්‍රේල් මස 15 වන දින ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් සමරනු ලැබීය.

මෙම බක්මහඋළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ හමුදාධිපති විංග් කමාන්ඩර් විශ්ව සමන්ත මහතා සහභාගී වූ අතර එතුමන් විසින් සාම්ප්‍රදා‍යානුකූලව "ගම ගෙදර" දී පොල්තෙල් පහන දැල්වීමෙන් පසුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.

උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා ම පැවත්වුණු මෙම වර්ණවත් අවුරුදු උත්සවය "ගම හරහ දිවීම", "කොට්ට පොර" ඇතුළු විවිධ සාම්ප්‍රදායික ක්‍රීඩා රැසකින් සමන්විත විය. මීට අමතරව පැවති කඹ ඇදීමේ සහ විවිධ ඇදුම් තරග ඔවුන්ගේ ශක්තිය සහ ඇදුම් අලංකරණ විදහා දැක්වීමට සමත්විය. මේ සියලු ක්‍රීඩා සඳහා විදේශිකයන්ගේ දායකත්වය ලැබීම මෙම අවස්ථාව වර්ණවත් කිරීමට වැඩිදුරටත් ඉවහල් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, යුධ හමුදාවේ හා පොලීසියේ නිලධාරීන් ඇතුළු රජයේ මෙන්ම පෞද්ගලික වෙනත් කන්ඩායම් ද සිවිල් කාර්ය මණ්ඩලය ද ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි