ගුවන ජයගත් පැරෂුට් විරුවන් සහ වීරවරියන් විසිර යයි
10:20am on Sunday 24th April 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා අමිපාර පැරෂුට් පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩයිමක් සනිටුහන් කරමින් අංක 30 මුලික පැරෂුට් පාඨමාලාව සහ අංක 31 කාන්තා මුලික පැරෂුට් පාඨමාලාව, අංක 06 පැරිෂුට් එතීමේ සහ නඩත්තු කිරීමේ පාඨමාලාවන් හැදෑරූ විරුවන් විසිරයාමේ අභිමානවත් පෙළපාලියක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (22) අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණ.

මෙම විසිරයාමේ පෙළපාලිය ගුවන් හමුදා ඉතිහාසය අලූත් කරවමින් වැඩිම පැරෂුට් භටයන් පිරිසක් විසිර ගිය පාඨමාලාව මෙන්ම  වැඩිම ගුවන් කාන්තාවන් පිරිසක් විසිර ගිය පැරෂුට් පාඨමාලාව ලෙසද ඉතිහාසයට එක්වේ. මෙම පාඨමාලාෙවිදී ගුවන ජය ගැනීමට අසීරු පුහුණුවක් සිදු කල මෙම විරුවන් සහ වීරවරියන් පාඨමාලවේ සියලුම අභියෝග ජය ගැනීමට සමත් වූ අතර රාත්‍රී කාලයේදී සතුරු කදවුරක් වෙත පැරෂුට් අධාරයෙන් පිවිසීමේ විශේෂ පුහුණුවක්ද ලබා ගැනීමට සමත් විය.

මෙම පාඨමාලාව සදහා ගුවන් හමුදා නිළධාරින් 09 දෙනෙක් , ගුවන් භටයින් 48 දෙනෙක්, ගුවන් කාන්තාවන් 24 දෙනෙකු,  පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් එක් අයෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු ඇතුලත් විය.
 
විසිරයාමේ පෙළපාලිය විචිත්‍රවත් කරමින් සංදර්ශනාත්මකව ගුවන් හමුදා (ස්කයි ඩ්‍රයිවර්ස්) විශේෂ පැරෂුට් කණ්ඩායම අඩි 6000ක ඉහල අහසේ සිට නිදහසේ පහලට වැටෙමින් ඉදිරිපත් කල සුවිශේෂී පැරෂුට් පිම් ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායම සහ ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ඉදිරිපත් කල සරඹ හා තූර්යවාදන සංදර්ශනය කාගේත් නෙත් සිත් පැහැර ගන්නා ලදී.

මෙම අභිමානවත් අවස්ථාව සදහා ගුවන් හමුදා අධ්‍යක‍ෂ මණ්ඩලය , ගුවන් හමුදා අම්පාර කඳවුරු අණදෙන නිළධාරි ගෘෘප් කැප්ටන් ඩබිඑමිපීඩී ප්‍රනාන්දු , පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් සී ජේ ගොඩකන්ද සහ ශ්‍රී ලංකා පොලීසිය ඇතුලු ත්‍රිවිධ හමුදාවේ උසස් නිළධාරීන්ද විසිර ගිය පැරෂුට් භටයින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ද සහභාගී විය.

අංක 30 මුලික පුහුණු පැරෂුට් පාඨමාලාව
දක‍ෂතම පැරිෂුට් භටයා 33520 කෝප්‍රල් බණ්ඩාර ඩබ් ජේ  එම් සී
    
අංක 31 මුලික පුහුණු පැරෂුට් පාඨමාලාව
දක‍ෂතම පැරෂුට් ගුවන් කාන්තාව ඒඩබ්/3120 හේරත් එච් එම් ඩී


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි