ශ‍්‍රී ලංකා ටෙස්ට් පිතිකරු කෞෂාල් සිල්වා ගුවන් හමුදාවේ ගුවන් ගිලන් රථයකින් කොළඹට
4:09pm on Tuesday 26th April 2016
පසුගිය අපේ‍්‍රල් මස 24 වන දින පල්ලෙකැලේ ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයේ පුහුණුවීම් අතරතුර හිසට පන්දුවක් වැදීම නිසා තුවාල ලැබූ  ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා, ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් ගිලන් රථයක් මගින් කොළඹට රැගෙන එන ලදී.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගුවන් හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ගිලන් රථ සේවයට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් ඔහුව මහනුවර  බෝගම්බර ක‍්‍රීඩාංගනයේ සිට කොළඹ ගුවන්  හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනය වෙත ඉතා ඉක්මනින් රැගෙන එන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ගිලන්රථය සමග ගුවන් හමුදාවේ සුදුසුකම් ලත් වෛද්‍ය උපකාරක කණ්ඩායමක්ද පිටත්ව යන ලදී. එම වෛද්‍ය උපකාරක කණ්ඩායමට පලපුරුදු වෛද්‍යවරියක් වන ස්කොඞ්රන් ලීඩර් හිමාලි මෙන්ඩිස් සහ පලළපුරුදු හෙදියන් දෙදෙනෙකු ඇතුළත් වූ අතර තුවාල ලැබූ කෞෂාල් සිල්වා හට මහනුවර සිට කොළඹ දක්වා ගුවන් මගින් රැුගෙන එන අතරතුර අත්‍යාවශ්‍ය වෛද්‍ය ප‍්‍රථිකාර එම වෛද්‍ය උපකාරක කණ්ඩායම විසින් ලබා දෙන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව  ඉතා ඉක්මනින් රොගීන් බේරාගැනීමේ සහ වෛද්‍ය ප‍්‍රථිකාර ලබාදීමේ කාර්යය සිදු කිරීම සඳහා මනාව සන්නද්ධ වී සිටින අතර නියමිත වෛද්‍ය පහසුකම් නොමැති ප‍්‍රදේශයක සිට ඉතා ඉක්මනින් ඉතා හොඳ සහ මනා වෛද්‍ය පහසුකම් සහිත ස්ථානයක් කරා රෝගීන් ගුවන් මගින් ප‍්‍රවාහනය කිරීමත් එම ගුවන් ගමන අතරතුරදී තුවාල ලත් පුද්ගලකෙු හෝ රෝගියෙකු සඳහා අවශ්‍ය වන නියමිත හදිසි වෛද්‍ය ප‍්‍රථිකාර ලබාදීමට පළපුරුදු වෛද්‍ය කණ්ඩායමකින්ද ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිටුවර්ස් ගුවන් ගිලන්රථ සේවය සමන්විත වෙයි.



SLAF Air Ambulance


රූපවාහිනි නාලිකා තුල විකාශය වූ වීඩියෝ දර්ශන

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි