ගුවන් හමුදා නිලධාරීන් උදෙසා ගුවන් ආරක්‍ෂණ වැඩමුළුවක්
4:12pm on Tuesday 26th April 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලදාරීන් වෙනුවෙන් පවත්වන ලද 2016 වසරේ පළමු ගුවන් ආරක්‍ෂණ වැඩමුළුව පසුගිය අපේ‍්‍රල් මස 23 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසල් පරිහ‍්‍රයේදී නිමාවට පත්විය.

ගුවන් හමුදාධිපතිතුමන්ගේ අනු දැනුම හා උපදෙස් මත මෙම ගුවන් ආරක්‍සණ වැඩමුළුව පැවැත්වීම සිදු කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විධායක ගුවන් ආරක්‍ෂණ අංශය මගින් මෙහි පුහුණුවීම් කටයුතු  සංවිධානය කරන ලද අතර ගුවන් මෙහෙයුම් සඳහා ඍජුවම සම්බන්ධ වන ගුවන් හමුදා නිලධාරීන් ගුවන් ආරක්‍ෂණ කාර්යයන්ට හුරු කරවීම මෙහි අරමුණ විය. මේ සඳහා ගුවන් ආරක්‍ෂණ සම්බන්ධව කිසුදු විධිමත් පාඨමාලාවකට සම්බන්ධ නොවූ ගුවන් හමුදාවේ අංශ පහකට අයත් නිළධාරීහු සහභාගී වූහ.

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් පීඞීකේටී ජයසිංහ මෙම වැඩමුළුවේ අරමුණු සහ බලාපොරොත්තු පිළිබඳව වැඩමුළුවට සහභාගී වූ නිළධාරීන් හට ආරම්භක උත්සවයේදී විස්තර කළේය. කාර්ය මණ්ඩල සම්පත් කළමණාකරුවන් දෙදෙනෙකු වන විහ‍්‍රාමික ගුවන් හමුදා සහ ශ‍්‍රී ලංකා ගුවන් සමාගමේ කැප්ටන් එස් එස් ශ‍්‍රී සේගරම් සහ  ශ‍්‍රී ලංකා ගුවන් සමාගමේ ප‍්‍රධාන කාර්ය මණ්ඩල සම්පත් කළඹණාකරු කැප්ටන් රාම් මුතුක‍්‍රිශ්නන් විසින් කාර්ය මණ්ඩල සම්පත් කළමණාකරන පිළිබඳව හදුන්වාදීම කණ්ඩායම් ක‍්‍රියාකාරකම් උපයෝගී කරගනිමින් සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ  දේශකයින් කිහිප දෙනෙකුම තම දැනුම වැඩමුළුවට සහභාගී වූ නිළධාරීන් හට ලබා දුන් අතර එහිදී විංග් කමාන්ඩර් ඒවී ජයසේකර, විංග් කමාන්ඩර් එස්එස්බී මාරඹේ, විග් කමාන්ඩර් එම් වෙතෝත්යන්, විංග් කමාන්ඩර් සී හෙට්ටිආරච්චි සහ ස්කොඞ්රන් ලීඩර් එ් මානගේ විසින් දේශන පවත්වන ලදී. ගුවන් හමුදා විධායක ගුවන් ආරක්‍සණ නිළධාරී එයාර් කොමඩෝර් එස්කේ පතිරණ වැඩමුළුවට සහභාගී වූ නිළධාරීන් අමතමින් තම දැනුම බෙදා හදා ගත්තේය.

මෙම වසර තුළ නිලධාරීන් උදෙසා ගුවන් ආරක්‍ෂණ වැඩමුළු දෙකක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති අතර දින හයක් පුරා පැවති පළමු වැඩමුළුව සඳහා නිළධාරීන් 34 දෙනෙකු සහභාගී වූහ. මෙම වසර තුළ තවතු වැඩමුළු දෙකක් නිළධාරීන් සහ අධිකාරී නොළත් නිළධාරීන් වෙනුවෙන් පැවැත්වීමට නියමිතය.

වැඩමුළුව සඳහා සහභාගීවූවන්ට සහතික පත් ප‍්‍රදානය කිරීම සහ අවසන් උත්සවය ගුවන් හුමුදා විධායක ගුවන් ආරක්‍ෂණ නිළධාරී එයාර් කෝමඩෝර් එස්කේ පතිරණගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි