පාකිස්ථාන ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිස චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සංචාරයක
1:41pm on Monday 2nd May 2016
ලුතිනන් ජෙනරාල් නසීර් අහ්මඩ් ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන ජාතික අආරක්‍ෂක විද්‍යාලයේ පාඨමාලාව හදාරන නිළධාරීන් 20 දෙනෙකුගෙන් යුත් ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිස පසුගිය අපේ‍්‍රල් මස 27 වන දින චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සංචාරයක නිරත විය.

පාකිස්ථාන යුධ, නාවික, ගුවන් හමුදාවන්හි නිළධාරීන්, තුර්කිය, ඉරානය, නයිජීරියාව, සුඩානයේ හමුදා නිලධෘරීන් පිරිසක් සහ සිවිල් ශීෂ්‍යයින් දෙනෙකේ මෙම ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිසට අයත් වන අතර ඔවුන් තම ශ‍්‍රී ලංකා සංචාරය සිදු කරමින් සිටියි.

මෙම ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිස චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ හමුවූහ. එසේම අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගයේද අධ්‍යයන කටයුතු සිදු කරන ලදී. මෙම අවස්ථාව සිහිගැන්වීම පිණිස සමරු තිළිණ හුවමාරු කර ගැනීමක්ද සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි