ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සමුළුව
4:54pm on Tuesday 3rd May 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැුස්වීම පසුගිය අපේ‍්‍රල් මස 29 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

සමුළුවේ වැඩකටයුතු සේවා වනිතා ඒකකයේ තේමා ගීතය ගායන කිරීමෙන් ආරම්භ කරන ලදී. අනතුරුව සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය විසින් පිළිගැනීමේ කථාව සිදු කරනු ලැබුවාය. 

පසුගිය සභා වාර්ථාව ඉදිරිපත් කිරීම සේවා වනිතා ඒකකයේ ලේකම් ස්කොඩ්රන් ලීඩර් චාමිනී ගමගේ විසින් සිදු කරන ලදී. භාණ්ඩාගාරික ස්කොඩ්රන් ලීඩර් නුවන් පේ‍්‍රමරත්න විසින් 2015 වසරේ අය වැය වාර්ථාව ඉදිරිපත් කරන ලදී. අනතුරුව සේවා වනිතා ඒකකය විසින් 2015 වසරේ සිදු කරන ලද කාර්යයන් පිළිබඳව දැනුවත් කිරීම සේවා වනිතා ඒකකයේ ලේකම්තුමිය විසින් සිදු කරන ලදි. අනතුරුව කඳවුරු මගින් සිදු කරන ලද කාර්යයන් පිළිබඳවද දැනුවත් කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් කඳවුරු සේවා වනිතා ඒකකයන්හි සභාපතිනියන් සහ සේවා වනිතා ඒකකය භාර නිළධාරීන් සමග සම්බන්ධීකාරකවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි