09 වන ආරක්‍ෂක සේවා කාන්තා අත්පන්දු තරඟාවලියේ ශූරතාවය ගුවන් හමුදාවට
5:01pm on Thursday 5th May 2016
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් එකිනෙකාගේ දක‍ෂතාවයන් උරගා බලනු ලබන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ කාන්තා අත්පන්දු තරඟාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2016 මැයි මස 04 වන දින නිමාවට පත්විය.

මෙවර ආරක්‍ෂක සේවා කාන්තා අත්පන්දු තරඟාවලියේ අවසන් තරඟය සදහා ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර ඉතා තියුණු තරගයකින් පසුව ලකුණු 17 ට 11 ක් ලෙස ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ශූරතාවය හිමි කර ගන්නා ලදී.   

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එයාර් වයිස් මාර්ෂල් ජේ පී වනිගතුංග මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා අත් පන්දු සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ජනක නානායක්කාර ඇතුලු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක් සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි