මඩකලපුව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
1:34pm on Monday 9th May 2016
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පසුගිය මැයි මස 07 වන දිනසිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් වීජීජීබී පියසිරි විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගන්නා ලද අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඩබ්ඒඑස්ආර් වීරසිංහ විසින් ගුවන් හමුදාධිපති උත්තමාචාර පෙළපාලියට අණදෙන ලදී.

කඳවුරු පරීක්‍ෂණයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන තම පරීක්‍ෂාවට ලක් කරන ලදී. පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන්  කඳවුරේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී.  මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධීය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සුභ පතන ලදී.


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි