ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ආයතනික සැලැස්ම 2016-2018 එළිදකී
1:17pm on Friday 13th May 2016
2016-2018 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ආයතනික සැලැස්මෙහි පිටපතක් ආරක්‍ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හට පිළිගැන්වීම ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් ඊයේ (2016 මැයි මස 11) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 2016-2018 ආයතනික සැලැස්මෙහි ගුවන් හමුදා ක‍්‍රියාකාරී සැලැස්ම, ක‍්‍රියාත්මක කිරීමේ සැලැස්ම, ප‍්‍රසම්පාදන සැලැස්ම, පුහුණු සැලැස්ම, අබ්‍යන්තර විගණන සැලැස්ම සහ මූල්‍ය සැලැස්ම යනාදියෙහි උපාය මාර්ගික අභීමතාර්ථ සහ අරමුණු හොඳින් අර්ථ දක්වා විග‍්‍රහ කොට දැක්වේ. මෙම උපාය මාර්ග හා සැලසුම් රජය විසින් ගුවන් හමුදා වෙත පවරා ඇති වත්මන් රාජකාරි සහ ක‍්‍රියාකාරකම් මත පදනම් සංශෝධනය කර ඇත.

2016 වසර සඳහා සැලසුම් මේ වන විට මේ දක්වා ක‍්‍රියාත්මක කර ඇත. කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ආයතනික සැලැස්ම, ක‍්‍රියාත්මක කිරීමේ සැලැස්ම සහ වර්ථමානයේ වේගයෙන් වෙනස් වන පරිසරයක් තුළ ගුවන් හමුදාව විසින් මුහුණ දෙන නව අභියෝග මත පදනම් සමාලෝචනය කර ඇත.

මෙම ගුවන් හමුදා ආයතනික සැලැස්මෙහි පළමු පිටපත එම කමිටුවේ සභාපති එයාර් කොමඩෝර් එස්කේ පතිරණ විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හට ගුවන් හමුදා මූලස්ථානයේදී භාර දෙන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, කමිටු සාමාජිකයන් වන එයාර් කොමඩෝර් ඇන්ඩ‍්‍රෑ විජේසූරිය, එයාර් කොමඩෝර් පි‍්‍රියන්ත වීරසිංහ, එයාර් කොමඩෝර් රොෂාන් බියන්විල, ගෲප් කැප්ටන් අමල් විමලරත්න සහ ස්කොඩ්රන් ලීඩර් රංජිත් සෝමතිලක මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි