ඛෙත්තාරාම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පහිනාංකය ලෝරිස් බාලිකා නිවාසයේ සමාජ සත්කාර වැඩසටහනක්
1:20pm on Friday 13th May 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තම සමාජ වගකීම ඉටුකරමින්, ඛෙත්තාරාම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පහිනාංකය මගින් කොලඹ 09, දෙමටගොඩ පිහිටා ඇති ලෝරිස් බාලිකා නිවාසයේ දෙමහල් ගොඩනැගිල්ලක්, තාප්පය සහ ඇතුළුවීමේ ගේට්ටු ව සම්පූර්ණයෙන් පිළිසකර කොට තීන්ත ආලේප කිරීඹ සහ ගුවන් හමුදා සාමාජිකයන් විසින් එම දෙමහල් ගොඩනැගිල්ලෙහි අමුත්තමන්ගේ කාමරයක් සෑදී සිදු කරන ලදී.

එසේම එම නිවාසයේ මැද මිදුල දැඩි අවශ්‍යතාවයක්ව පැවතුණු කුඩා ක‍්‍රිඩා පිටියක් බවට පරිවර්තනය කිරීමද සිදු කරන ලදි. පහිනාංකය මගින් සූදානම් කරන ලද දිවා ආහාරයෙන් පසුව ගුවන් හමුදා සාමාජිකයින් විසින් කාලයේ අවශ්‍යතාවයට සරිලන විවිධ භාණ්ඩ ප‍්‍රදානය කිරීමක්ද සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය සදාථක කරගැනීම සඳහා විවිධ සුභ පතන්නන්, ආධාර ලබාදුන් පිරිස සහ ගුවන් හමුදාවේ සිය කැමැත්තෙන් දායකත්වය සැපයූවන්ගෙන් ලැබුණු දායකත්වය ඉවහල් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි