ජාතික රණවිරු සැමරුම් පෙළපාලියක් බදුල්ලේදී
6:03pm on Wednesday 18th May 2016
7 වැනි වරටත් ජාතික රණවිරු සැමරුම් පෙළපාලියක් 2016 මැයි මස 13 වන දින බදුල්ල නගරයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුධ හමුදා, ශ්‍රී ලංකා නාවික හමුදා, ශ්‍රී ලංකා ගුවන් හමුදා, ශ්‍රී ලංකා පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකා භටයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ඌව පළාතේ දේශපාලනඥයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා තම මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පුද කළ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හා ආබාධිත රණවිරුවන් පිරිසක්ද මෙම ගුණ සමරු උත්සවය සදහා සහභාගී විය.

මෙහිදී පළමුව ආගමික වතාවත් හා පුෂ්ප උපහාර පුදකිරීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් විසින් රණවිරුවන් සඳහා උත්තමාචාර මුරයක් ද පවත්වන ලදී.

වාර්ෂිකව පවත්වන මෙම සම්මාන උළෙල ඌව පළාත් මහ ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් විංග් කමාන්ඩර් ප්‍රභාත් ඇලෙක්සැන්ඩර් මහතා මෙම අවස්ථාවට සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි