මාතෘ භූමියේ නාමයෙන් දිවිපිදු රණවිරුවන් හට ජාතියේ උපහාරය
8:51am on Wednesday 25th May 2016
මාතෘ භූමියේ ස්වෛරීත්වය සුරකිනු වස්, මාතෘ භූමියේ නාමයෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් හට සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් උපහාර

පිදීමේ උත්සවයක් පසුගිය 2016 මැයි මස 18 වන දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ස්ථාපිත රණවිරු ස්මාරකය අභියසදී පවත්වන ලදී.

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රණවිරු සේවා අධිකාරිය විසින් මෙම උපහාර උත්සය සංවිධානය කරන ලදී. ජාතික ගීය ගායනයෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ

කරන ලද අතර රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ආරාධිත අමුත්තන් උපහාර උත්සවය සඳහා පිළිගනිමින් පිළිගැනීමේ කතාව සිදුකරන ලදී. දිවිපුදූ රණවිරුවන්

අනුස්මරණය කරමින් විනාඩියක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව දිවි පිදූ සහ දැනට සේවයේ නියුතු ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ රණවිරුවන් හට සෙත්පතා සර්ව ආගමික වතාවත් සිදුකරන ලදී.

අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් විසින් මියගිය රණවිරුවන් හට පුෂ්පෝපහාර දක්වන ලද අතර පිළිවෙලින් අග්‍රාමාත්‍ය රනිල් වීක‍්‍රමසිංහ, හිටපු යුධ හමුදාධිපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්‍ෂක

මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්‍ද‍්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාධිපති එයාර්

මාර්ෂල් ගගන් බුලත්සිංහල සහ පොලිස්පති පූජිත ජයසුන්දර මියගිය රණවිරුවන් හට පුෂ්පෝපහාර දක්වන ලදී.

මෙහිදී ත‍්‍රිකවිධ හමුදාවේ සහ පොලිසියේ තූර්ය වාදක කණ්ඩායම් විසින් සාම්ප‍්‍රදායික ”රණබෙර” සංදර්ශනයක්ද පවත්වන ලදී.

අනතුරුව සියළුම රණවිරුවන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ අවසන් උපහාරය දක්වමින් උත්සවයේ වැඩකටයුතු නිමා කරන ලදී.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි