ගුවන් හමුදාධිපතිතුමන් ”ගංගාරාම වෙසක් කලාපයේ” විදුලි අලෝක පද්ධතිය විවෘත කරයි
1:29pm on Wednesday 25th May 2016
කොළඹ ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමිපාණන්ගේ ආරධානාවකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පසුගිය මැයි මස 23 වන දින විදුලි ආලෝක පද්ධතිය දල්වමින්  ”ගංගාරාම වෙසක් කලාපය” විවෘත කිරීම සිදුකරන ලදී.

ආරාධිත අමුත්තන් සීමා මාලකය වෙත කැඳවාගෙන යාම අලංකාරවත් පෙරහැරක් මගින් සිදු කරන ලදි. ආරාධිත අමුත්තන් විසින් පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මහා සංඝයා වහන්සේලා විසින් සෙත් පිරිත් සජ්ජායනා කරන ලදී. එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල  මහතා සහ ආරාධිත අමුත්තන් විසින් විදුලි ආලේක පද්ධතියේ ප‍්‍රධාන ස්විචය ක‍්‍රියාත්මක කරමින් වෙසක් කලාපය එදිනට විවෘත කිරීම සිදු කරන ලදී. 

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය, ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කි‍්‍රෂාන් යහම්පත්, ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රොහින්ත ප‍්‍රනාන්දු, නිලධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද ගුවන් හමුදාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි