ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙලේ සම්මාන ලාභී ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ගුවන් හමුදාවෙන් උපහාර
1:36pm on Thursday 26th May 2016
ප‍්‍රථම වරට සංවිධානය කරන ලද ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙලේදී ගුවන් හමුදාවට කීර්තිය සහ ගෞරවය රැුගෙන ඒමට සමත් වූ සම්මාන ලාභී ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට උපහාර පුද කිරීමේ උත්සවයක් 2016 මැයි මස 25 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

ගුවන් හමුදාධිපතතුමන්ගේ සංකල්පයකට අනුව ගුවන් හමුදාවට කීර්තියක්, ගෞරවයක් ලබා දෙන ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් දිරිමත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙලේදී, සම්මාන ලබාගත්  ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්

වසරේ කැපී පෙනෙන ක‍්‍රීඩිකාව සහ වසරේ දක්ෂතම මලල ක‍්‍රීඩිකාව - ඒඩබ්/3029 කෝප‍්‍රල් නිමාලි ඩබ්කේඑල්ඒ
වසරේ කැපී පෙනෙන  ගෘහස්ථ වොලිබෝල් ක‍්‍රීඩිකාව - ඒඩබ්/3371 නායක ගුවන් කාන්තා ප‍්‍රසාදිනී ජේඑච්ඞී
වසරේ කැපී පෙනෙන වෙරල වොලිබෝල් ක‍්‍රීඩකයා - 011830 සැරයන් කුමාර එම්එල්ඒපී
වසරේ කැපී පෙනෙන වෙරල වොලිබෝල ක‍්‍රීඩිකාව -  ඒඩබ්/01305 කේප‍්‍රල් ගුණවර්ධන කේකේජීඑල්
වසරේ කැපී පෙනෙන පාපැදි ක‍්‍රීඩකයා - 016849 නායක ගුවන් භට අප්පුහාමි එම්ඒඑන්ආර්
වසරේ කැපී පෙනෙන කරාතේ ක‍්‍රී‍්‍රිඩිකාව - ඒඩබ්/3009 කෝප‍්‍රල් දිනූෂා කුමාරි ඞීපීබීඞී


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි