අංක 05 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය සමරයි
6:09pm on Thursday 26th May 2016
අංක 05 ගුවන් ආරක්ෂණ රේඩාර් බලඝණය පසුගිය මැයි මස 24 වන දින සිය 9 වන සංවත්සරය සමරන ලදී. 2007 වසරේ පාලවිය ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ කරන ලද මෙම බලඝණය විසින් ශ්‍රී ලාංකීය ගුවන් තලය සුරැකීමේ කාර්ය භාරයෙහි අපරිමිත සේවයක් ඉටුකරනු ලබයි. ආරම්භයේ සිට මේ දක්වා මෙම බලඝණය තම සේවය මාතෘ භූමිය වෙත ලබා දෙමින් අංග සම්පූර්ණ බලඝණයක් ලෙසට පත්කිරීම සඳහා මේ දක්වා බලඝණයේ සිටි අණදෙන නිළධාරීවරුන්, නිළධාරීන් සහ සෙසු නිළයන් සියළු දෙනාගේම ැපරිමිත කැපවීම ඉවහල් වී තිබේ.

සංවත්සර සැමරුමට සමගාමීව 2016 මැයි මස 18 වන දින ආනමඩුව සිලෝන් බෲක් ළමා නිවාසයේ ප‍්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වමින් එහි දරුවන් උදෙසා වෙනුවෙන් රාත‍්‍රී ආහාර වේලක් සහ වියළි ආහාර පාර්සල් බෙදා දීමක් සිදු කරන ලදි.

සංවත්සර දින සැමරුම ආරම්භ කරමින් පාලවිය ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීතුමන්, කඳවුරේ සියළුම නිලධෘරීන් සහ සෙසු නිළයන්ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් සිදු කරන ලදී. අනතුරුව ක‍්‍රීඩා අංග කිහිපයක් සියළුම නිළයන්ගේ සහ සිවිල් කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර සියළුම නිළයන්ගේ දිවා භෝජනයකින් සංවත්සර දින සැමරුම අවසන් කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි