09 වන ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා උළෙලේ කාන්තා බර ඉසිලිමේ තරගාවලියේ ශුරතාවය ගුවන් හමුදාවට
1:34pm on Friday 3rd June 2016
ශී‍්‍ර ලංකා ති‍්‍රවිධ හමුදාවන් එකිනෙකාගේ දක්‍ෂතාවයන් උරගා බලනු ලබන ආරක්‍ෂක සේවා කී‍්‍රඩා උළෙලේ බර ඉසිලිමේ තරගාවලිය කටුනායක ගුවන් හමුදා ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී 2016 ජුනි මස 01 වන දින නිමාවට පත්විය.

ත‍්‍රිවිධ හමුදා සහභාගීත්වයෙන් පැවැත්වුණු කාන්තා බර ඉසිලිමේ තරගාවලියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම රන් පදක්කම් 04 ක් සහ රිදි පදක්කම් 03 ක් ලබා ගනිමින් තරගාවලියේ ශූරතාවලය හිමි කර ගන්නා ලදී. තරගාවලියේ දක්ෂතම කි‍්‍රඩිකාව ලෙස නායක ගුවන් කාන්තා ගෝමස් බි.ඩි.එචි හිමිකර ගන්නා ලදි.

මෙම තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රධානෝත්සවයේ ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා සහභාගී වූ අතර ගුවන් හමුදා බර ඉසිලිමේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් සාගර කොටකදෙනිය ඇතුලූ ති‍්‍රවිධ හමුදා ජේ්‍යෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක් සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි