ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ජාතික පාරිසරික සතිය සමරයි
11:41am on Tuesday 7th June 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් ජාතික පාරිසරික සතියට සමගාමීව සියලූ කදවුරු නියෝජනය කරමින් විශේෂ රුක් රෝපණ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලදි.

මෙම රුක් රෝපණ වැඩසටහනේ ප‍්‍රධාන උත්සවය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය සහභාගීත්වයෙන් 2016 ජුනි මස 05 වන දින කදවුරු කෘෂි අංශයේදී පවත්වන ලදි.

මෙම වැඩසටහන තුල ඉඩම් අක්කර 05 ක කාබනික පෙහොර යොදා ගනිමින් බද්ධ කල කජු, ලෙමන්, පේර, දෙහි සහ තැඹිලි වගා කරන ලදි. මෙම වැඩසටහන සදහා කටුනායක ගුවන් හමුදා කදවුරේ විධායක කෘෂි නිළධාරී ගෲප් කැප්ටන් ඉන්දික වීරරත්න නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී විය.

මීට සමගාමීව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සියලූ කදවුරු වල අණදෙන නිළධාරීන්ගේ මග පෙන්වීම යටතේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් සංවිධානය කරන ලදි.

Command Agro Unit at SLAF Base Katunayake


SLAF Station BIA


SLAF TTS Ekala



SLAF Station Ampara


SLAF Station Mullative
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි