දකුණු සුඩානයේ (UNMISS) සාම සාධක රාජකාරීන් සදහා පළමු ගුවන් හමුදා ආදේශන කණ්ඩායම පිටත්ව යයි
3:35pm on Wednesday 8th June 2016
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා ඇති සේවා කාලය වසරක් අවසන්වූ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ භට පිරිස වෙනුවට අනුයුක්ත කරනු ලබන අනුප‍්‍රාප්තික භට කණ්ඩායමේ පළමු කණ්ඩායම ලෙස ගුවන් හමුදා භටයින් 55 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා (2016 ජුනි 07) ගුවන් හමුදා කටුනායක මූලික කදවුරින් දකුණු සුඩානය බලා පිටත්විය.

දකුණු සුඩානය බලා පිටත්ව යන ගුවන් හමුදා සමාජිකයින්ට සුභපැතීම සදහා ගුවන් හමුදා නිළධාරින් ඇතුළු සෙසු නිළයන් සහ දකුණු ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමජිකාවන් විශාල පිරිසක්ද පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා සිටි වසරක සේවා කාලයක් සාර්ථකව අවසන් කල ගුවන් හමදා සේවා පුද්ගලයින් 2016 ජුනි මස 08 වන දින දකුණු සුඩානයේ සිට ශී‍්‍ර ලංකාව බලා පැමිණීමට නියමිතය.     

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි