ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදා මොරවැව කදවුර
11:32am on Friday 10th June 2016
ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරමින් 2016 ජුනි මස 09 වන දින ගුවන් හමුදා මොරවැව කදවුර ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂාවට ලක් කරන ලදී.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිලධාරී  වින්ග් කමාන්ඩර් සීආර්ඩී ගුණවර්ධන විසින් මාර්ග පෙල කණ්ඩයක් මගින් ආචාර පුදකරමින් එතුමන් මහත් හරසරින් පිළිගනු ලැබීය. පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ‍්‍රය පරීක්ෂාවට ලක් කල අතර කදවුරේ අලුතින් ඉදිකරන ලද පරිඝණක ඒකකය, කනිෂ්ඨ අණ නොලත් නිළධාරීන්ගේ සමාජ ශාලාව, වෙඩි පිටිය සහ ආපනශාලාව විවෘත කරනු ලැබීය.

අවට ගම්මානයේ ජීවත්වන ගම් වැසියකු සදහා ඉදිකරන ලද නව නිවසක් ගුවන් හමුදාපතිතුමන් විසින් භාර දීම සිදු කරන ලද අතර මෙම නිවසේ සම්පූර්ණ ඉදිකිරීම් සඳහා වැයවූ මිනිස් ශ‍්‍රමය ගුවන් හමුදා මොරවැව කදවුර විසින් ලබා දෙන ලදී.

වාර්ෂික පරීක්‍ෂණය සාර්ථක ලෙස අවසන් කිරීම පිළිබඳව ගුවන් හමුදාධිපතිතුමන් විසින් සියලු නිළධාරීන් සහ සෙසු නිළයන් ඇමතීම සිදු කල අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සංවර්ධනය සදහා සිදු කල සුවිශේෂි සේවාව අගය කිරීමක් වශයෙන් පහත සදහන් සේවා පුද්ගලයන් හට ප‍්‍රශංසා සහතිකපත් ප‍්‍රදානයක්ද සිදු කරන ලදි.

18701 සැරයන් චන්ද‍්‍ර කුමාර ආර්එන්ජීඑල් (අවිකරු)
22601 කෝප්රල් බණ්ඩාර ආර්එම්එන්ආර් (අවිකරු)

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි