දකුණු සුඩානයේ සාම සාධක රාජකාරී සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දෙවන භට කණ්ඩායම දිවයිනෙන් පිටත් වේ
2:08pm on Wednesday 22nd June 2016
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නියුතු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝනයේ දෙවන බල ඇණියේ රාජකාරීන් සඳහා ගුවන් හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත දෙවන භට කණ්ඩායම පසුගිය ජූනි මස 20 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් 49 දෙනෙකු මෙලෙස දෙවන භට කණ්ඩායම ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දකුනු සුඩානය බලා පිටත්ව යන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සාගර කොටකදෙණය, ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු නියෝජ්‍ය අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ඇන්ඩෲ විජේසූරිය, භූමි මෙහෙයෙුම් මාණ්ඩලික නිලධාරී 1 එයාර් කොමඩෝර් නිරෝෂන් අබේසිංහ, නිළධාරීන් සහ පිටත්ව ගිය ගුවන් හමුදා සාමාජිකයන්ගේ ඥාතීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි