රාජකීය ලංකා ගුවන් හමුදාවේ පළමු පියාසර පාඨමාලාවේ හිටපු විශ‍්‍රාමික විංග් කමාන්ඩර් ආර් විවේකානාදන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
2:16pm on Wednesday 22nd June 2016
රාජකීය ලංකා ගුවන් හමුදාවේ පළමු පියාසර පාඨමාලාවේ නිළධාරියෙකු වූ (01034) විශ‍්‍රාමික විංග් කමාන්ඩර් ආර් විවේකානාදන් මහතා පසුගිය ජූනි මස 17 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී  එම මහතා  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

විශ‍්‍රාමික විංග් කමාන්ඩර් ආර් විවේකානාදන් මහතා 1951 සැප්තැම්බර් මස 21 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවට ඇතුළත් වුණු අතර 1954 වසරේ අගෝස්තු මස 31 වන දින අධිකාරී ලත් නිලධාරීවරයෙකු වශයෙන් පයිලට් ඔෆිසර් නිළයේ පිහිටුවන ලදී. එසේම මොහු පියාසර උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන ලද අතර එංගලන්තයේ මාන්ඩලික පාසලක පාඨමාලාවක්ද හදාරන ලදී. දැනට ඔහු එක්සත් ජනපදයේ වාසය කරනු ලබන අතර ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියි.

විශ‍්‍රාමික විංග් කමාන්ඩර් ආර් විවේකානාදන් මහතා රාජකීය ලංකා ගුවන් හමුදා කඳවුරු කිහිපයකම අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කොට ඇති අතර 1964 වසරේ ඔක්තෝබර් මස 05 වන දින සිට 1965 වසරේ ජනවාරි මස 01 වන දින දක්වා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පියාසර පුහුනු පාසලේ පීඨාධිපතිවරයා වශයෙන්ද කටයුතු කරන ලදී. 1968 වසරේ දෙසැම්බර් මස 21 වන දින චීන වරාය කඳවුරු අණදෙන නිළධාරීවරයා වශයෙන් පත්විය. ඔහු 1970 වසරේ මාර්තු මස 01 වන දින විංග් කමාන්ඩර් නිළයට පත් වූ අතර 1971 වසරේ මාර්තු 15 වන දින දක්වා කඳවුරු අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කරන ලදි.

විංග් කමාන්ඩර් ආර් විවේකානාදන් මහතා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතර සුහද සාකච්ඡුාවකින් අනතුරුව පැමිණීම සිහිපත්වීම  පිණිස සමරු තිළිණ ප‍්‍රදානයක්ද සිදු කරන ලදී. මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වියස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, වැඩබලන ගුවන් මෙහෙයුම් අද්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මෙම අවස්ථාවට එක්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි