ගුවන් හමුදා නිලධාරිනියන් සහ ගුවන් කාන්තාවන් සඳහා රූපලාවන්‍ය වැඩමුළුවක්
8:48am on Tuesday 28th June 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ගුවන් හමුදා කොළඹ කදවුරු නිලධාරිණියන් සහ ගුවන් කාන්තාවන් වෙනුවෙන් සංවිධානය කරන ලද රූපලාවන්‍ය වැඩමුළුවක් 2016 ජුනි මස 23 වන දින ගුවන් හමුදා කොළඹ කදවුරේදී පැවැත්විණ.

ඔරිෆ්ලේම් ආයතනයේ ප්‍රවර්ධන අධ්‍යක්ෂක ජනප්‍රිය ගායිකා  සංජීවනී වීරසිංහ මහත්මිය මෙම වැඩමුළුව හා සංවාදය සදහා එක්විය. මෙම වැඩමුළුවේ අරමුණ පෞරුෂ සංවර්ධන විය. ගුවන් හමුදා නිලධාරිණියක් හෝ ගුවන් කාන්තාවක් වීමේ වගකීම හා වටිනාකම පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව පවත්වනු ලැබීය.

ජනප්‍රිය නිළි මහත්මිය අශිකා මුණසිංහ, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ කඳවුරු නිලධාරිණියන් සහ ගුවන් කාන්තාවන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි