ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ දෘෂ්ටි සහ අක්‍ෂි සායන වැඩසටහනක්
1:59pm on Friday 1st July 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර මගින් දෘෂ්ටි සහ අක්‍ෂි සායන වැඩසටහනක් 2016 ජුනි මස 28 වන එම කඳවුරු පරිශ‍්‍රයේදී සංවිධානය කරන ලදි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ලලිත් ජයවීර මහතා සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හර්ෂ ජයතිලක මහතාගේ අධීක්‍ෂණය සහ උපදෙස් මත එම කඳවුරේ සේවා වනිතා ඒකක සමාජිකයන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. කදවුරු සේවා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ කඳවුර අවට ගමිවාසීන් මෙම සායනය සඳහා සහභාගී විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වෙනුවෙන් ආර්.එමි සේනානායක, ඩබි. නිලූකා ද මෙල්, ඒ.ඒ.ඞී.ටී සපරමාදු යන වෛද්‍ය නිළධාරීන් සහ දඹුල්ල මූලික රෝහලේ අක්‍ෂි වෛද්‍යවරයෙකු වන එස්.කේ.ආර්.ටී කරුණාසේන මහතා මෙම සායනය සාර්ථක කර ගැනීම සදහා ඔවුන්ගේ සමිපූර්ණ සහයෝගය ලබාදෙන ලදි. සායනයේදී පුද්ගලයන් 230 දෙනෙකු පමණ පරීක්‍ෂා කල අතර වැඩසටහනේ සියලූ අංශයන් සමිබන්ධීකරණය කර මෙහෙයවීම දඹුල්ල මුලික රෝහලේ වෛද්‍ය නිළධාරී විශේෂ අක්‍ෂි වෛද්‍ය සිවයෝගනාදන් මහතා විසින් සිදු කරන ලදි.  

මීට අමතව කඳවුර මගින් යෝගා භාවනාව පිළිබදව පැයක පමණ වැඩසටහනක් සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන නුවර ශාඛාවේ සෙත්සද යෝගා නිකේතනයේ භාෂිණී දිසානායක මහත්මිය සහ පණ්ඩිතරත්න මහත්මිය විසින් මෙහෙයවන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි