ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රඩා තරු වර්ණ සම්මාන ප‍්‍රධානෝත්සවය - වර්ෂ 2014/2015
8:22pm on Sunday 10th July 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රඩා තරු වර්ණ සම්මාන ප‍්‍රධානෝත්සවය 2016 ජූලි 08 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් ගුවන් හමුදා රත්මලාන ඊගල්ස් ලේක්සයිඞ් උත්සව හා සම්මේලන ශාලාවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

විවිධ ක‍්‍රීඩා ඉසව් තුලින් කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ගුවන් හමුදාවට ගෞරවයක් සහ කීර්තියක් අත්කර දුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරමින් ඔවුන් හට උපහාර පිදීම සදහා මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.

මෙහිදී වාර්ෂිකව පිරිනැමෙන දක්ෂතම ක‍්‍රීඩකයාට හිමි වර්ථරාසා කුසලානය 2014 වර්ෂය සදහා කෝප‍්‍රල් වර්ණකුලසූරිය ඩබ් ඞී බී (පාපැදි) විසින් ද 2015 වර්ෂය සදහා කෝප‍්‍රල් රණසිංහ ආර් එම් එස් – (මලල ක‍්‍රීඩා) විසින් ද හිමිකර ගන්නා ලදී.

මෙම ප‍්‍රධානෝසවයේදී ෆ්ලයින් ඔෆිසර් ආර් එම් සී එස් රස්නායක 2014 වර්ෂය (මලල කි‍්‍රඩා) සහ කෝප‍්‍රල් නිමාලි ඩබ් කේ එල් ඒ (මලල කි‍්‍රඩා) ක‍්‍රීඩිකාවන් විසින් දක්ෂතම ක‍්‍රීඩිකාවට හිමි ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ප‍්‍රියා අබේවීර ගුණවර්ධන කුසලාන හිමිකර ගැනීමට සමත් විය.

ක‍්‍රීඩා අතින් කැපී පෙනෙන දස්කම් සදහා වූ පිරිනමන වර්නන් රාජපක්‍ෂ කුසලානය 2014 වර්ෂය සදහා කටුනායක කදවුරේ අංක 26 රෙජිමේන්තු පක්‍ෂාංගය විසින් හිමි කර ගත් අතර 2015 වර්ෂය සදහා කැපී පෙනෙන දස්කම් දක්වමින් එම කුසලානය ගුවන් හමුදා කොළඹ කදවුර විසින් දිනා ගැනීමට සමත් විය.

වසරේ වඩාත් කැපී පෙනෙන ක‍්‍රීඩා පෞරුෂයට හිමි කුසලානය 2014 වර්ෂය සදහා බළලත් නිළධාරී ඞීයූටීඒ ජයන්ත කුමාර (බොක්සිං කළමණාකරු) විසින් දිනා ගැනීමට සමත් වූ අතර 2015 වර්ෂය සදහා එම කුසලානය බළලත් නිළධාරී ඵචි එන් සි අබෙිරත්න (පැසිපන්දු) දිනා ගැනීමට සමත් විය.

වසරේ දක්ෂතම රගර් ක‍්‍රීඩකයාට පිරිනමනු ලබන එයාර් චීෆ් මාර්ෂල් හැරී ගුණතිලක කුසලානය 2014 වර්ෂය සදහා නායක ගුවන් භට අත්තනායක ඒඑමිඒපී විසින් දිනා ගැනීමට සමත්වූ අතර එය 2015 වර්ෂය සදහා නායක ගුවන් භට කළුආරචිචි ඒඑල් විසින් හිමි කර ගන්නා ලදි.

වසරේ වඩාත් කැපී පෙනෙන කි‍්‍රඩා කණ්ඩායම සදහා වූ පිරිනැමෙන සභාපති ගුවන් හමුදා කි‍්‍රඩා සම්මේලන කුසලානය 2014 වර්ෂය සදහා ගුවන් හමුදා කාන්තා මළල කි‍්‍රඩා කණ්ඩායම සහ ගුවන් හමුදා පිරිමි පාපැදි කණ්ඩායම විසින් හිමි කර ගැනීමට සමත්කම් දැක්වූ අතර 2015 වර්ෂය සදහා එම කුසලානය ගුවන් හමුදා කාන්තා දැල්පන්දු කණ්ඩායම සහ ගුවන් හමුදා පිරිමි මළල කි‍්‍රඩා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.

විවිධ ක‍්‍රීඩා ඉසව් 28 ක් යටතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 560 දෙනෙකු වර්ණ සම්මාන වලින් පිදුම් ලැබූ මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ,ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඇතුලූ සෙසු නිළයන් පිරිසක් එක්ව සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි