ගුවන් විරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික පුජෝත්සවය 2016
6:04pm on Thursday 14th July 2016
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික පුජෝත්සවය, අද (2016 ජුලි මස 14) දින උදෑසන කොල්ලූපිටිය ජුම්මා දේවස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල්  ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ඉස්ලාම් ආගමික පුජෝත්සවය මගින්  තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් සිහිකිරීම මෙන්ම සේවයේ යෙදී සිටියදී ආබාධිත වූ රණවිරුවන්, සක‍්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිමද මෙහිදී සිදු කරන ලදී.

මෙම පූජෝත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන්  හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් ඇතුළු මියගිය ගුවන් හමුදා රණවිරු පවුල් වල සාමාජිකයින්ද සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි