පොලිස්පතිතුමන් ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාධිපතිතුමන් හමුවේ
11:18am on Thursday 21st July 2016
පොලිස්පති ධූරයට පත්විමෙන් අනතුරුවල නව පොලිස්පති ජුජීත් ජයසුන්දර මහතා 2016 ජුලි මස 20 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

එහිදී පොලිස්පතිතුමන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් සුහදව පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ බලඝණය මගින් පොලිස්පතිතුමන් හට ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් හා පොලිස්පතිතුමන් අතර සුහද කතාබහක් සිදු කෙරුණු අතර දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදි. ඉන් පසුව පොලිස්පතිතුමන් ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයද හමුවිය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි