කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල අක්‍ෂි සැත්කම් අරඹයි
8:45am on Wednesday 10th August 2016
කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල පසුගිය අගෝස්තු මස 04 වන දින සිට අක්‍ෂි සැත්කම් සිදු කිරීම ආරම්භ කරන ලදී.

මෙහිදී ඇහි බැම ආශ‍්‍රිත ශල්‍යකර්ම දෙකක් ප‍්‍රථමයෙන්ම සිදු කරන ලද අතර අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දමයන්ති සමරසිංහ මහත්මිය සහ නිර්වින්දන වෛද්‍ය ජේ ආර් ගජවීර විසින් මෙම ශල්‍යකර්ම සිදු කරන ලදී. එසේම ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා පොරොත්තු ලේඛනයන්හි සිටිනු ලබන ගුවන් හමුදා සේවා පුද්ගලයන්ගේ ඇස් සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතී.

ගුවන් හමුදා රොහලේ ශල්‍යාගාරය 2016 ජනවාරි මස 25 වන දින ආරම්භ කරන ලද අතර එදින සිට මේ දක්වා සුළු ශල්‍යකර්ම 50 ක් පමණ සහ මද්‍යම ප‍්‍රමාණයේ ශල්‍යකර්ම කිහිපයක් විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහානාම ගුණසේකර සහ නිර්වින්දන වෛද්‍ය රන්ජිත් දිසානයක යන මහත්වරුන් විසින් සිදු කොට ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි