පාකිස්ථාන ගුවන් හමුදාධිපතිතුමන් සිය ශ‍්‍රී ලංකා සංචාරය අවසන් කරයි
8:56am on Wednesday 10th August 2016
තුන්දින නිළ සංචාරයක නිරත වුණු පාකිස්ථාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහේල් අමාන් මහතා සිය ශ‍්‍රී ලංකා සංචාරය නිමා කරමින් 2016 අගෝස්තු මස 09 වන දින කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් පාකිස්ථානය බලා පිටත්ව යන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය විසින් පාකිස්ථාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහේල් අමාන් මහතා සහ එම මහත්මිය ටාලට් සොහේල් මහත්මිය කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල පිටවීමේ පර්යන්තය වෙත කැටුව යන ලදී,

පාකිස්ථාන ගුවන් හමුදාධිපතිතුමන් එම මැතිණියගේ ශ‍්‍රී ලංකා ගසංචාරය සිහිකැඳවීම පිණිස සමරු ඇල්බමයක්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධීපතිතුමන් විසින් පිළිගන්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි