ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන්යානා ඉංජිනේරු සහාය පක්ෂාංගය සිය 07 වන සංවත්සරය සමරයි.
7:24pm on Tuesday 16th August 2016
ගුවන්යානා ඉංජිනේරු සහාය පක්ෂාංගය (එ එස් ඩබ්) රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී 2016 අගෝස්තු 12 වන දින සිය 07 වැනි සංවත්සරය සමරනු ලැබීය.

මෙම ඓතිහාසික සංවත්සර උත්සව අවස්ථාව සමරමින් 2016 අගෝස්තු මස 10 වැනි දින පක්ෂාංග අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එල් එම් එස් කේ ලීලාරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රමදාන ව්‍යාපාරයක් ගල්කිස්ස වෙරළ තීරයේදී සංවිධානය කර තිබිණ. ගල්කිස්ස මහ නගර සභාවේ ද සහය ඇතිව පැවැත්වූ මෙම වැඩසටහනට පක්ෂාංගයේ සියලුම සේවා පුද්ගලයින් හා සිවිල් කාර්ය මණ්ඩලය ඇතුලු පිරිසක් සහභාගී විය. මෙම ප්‍රජා සත්කාරය දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ පැසසුමට ලක්විය. 

තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම දෙනාට හා රට වෙනුවෙන් ජීවිතය පූජා කළ අයට සෙත් පතා බෝධි පූජා පිංකමක් 2016 අගෝස්තු මස 11 වන දින සියලුම සේවා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් මල්ලිකාරාමය බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණ. 

මීට අමතරව 07 වැනි සංවත්සර විසිර යාමේ පෙළපාලිය 2016 අගෝස්තු මස 12 වැනි දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුනු අතර අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එල් එම් එස් කේ ලීලාරත්න එහිදී සියලු දෙනා ඇමතීය. පක්ෂාංගයේ  සියලුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවකයින්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරගයක්, ලොතරැයි දිනුම් ඇදීමක් හා දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී. පක්ෂාංගයේ සියලු පිරිස් මෙම කටයුතු විශාල ලෙස සාර්ථක කර ගැනීමට උදව් විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි