09 වැනි ආරක්ෂක සේවා පැරෂුට් තරගාවලියේ ජය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
5:10pm on Friday 19th August 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායම 2016 අගෝස්තු මස 12 දින සිට 15 දින දක්වා පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා කදවුරේ පැවති 09 වැනි ආරක්ෂක සේවා පැරෂුට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය.

යුධ හමුදාවේ ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුධ හමුදා මුතුකුමරු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති සම්මාන උළෙල සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් සී වික්‍රමරත්න මහතා ඇතුලු ත්‍රිවිධ හමුදා උසස් නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි