52 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි
5:12pm on Friday 19th August 2016
52 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2016 අගොස්තු මස 15 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භක උත්සවය චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ පීඨාධිපති එයාර් කොමඩොර් පී ඩී කේ ටී ජයසිංහ සහ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒ ජේ අමරසිංහ යන නිළධාරීන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන් 20 දෙනෙක්, ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ කැප්ටන් නිළයේ නිළධාරීන් 02 දෙනෙක්, ශ‍්‍රි ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් නිළයේ නිළධාරියෙකු සහ බංගලාදේශ ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් නිළයේ එක් නිළධාරියෙකු ද සති 15 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව හදාරනු ලබයි. පාඨමාලාව 2016 අගොස්තු මස 15 වන දින සිට 2016 නොවැම්බර් මස 26 වන දින දක්වා පැවැත්වේ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි