09 වන ආරක්ෂක සේවා ස්කොෂ් තරගාවලිය
8:21pm on Friday 19th August 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් කණ්ඩායම 2016 අගෝස්තු මස 18 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු ස්කොෂ් සංකීර්ණයේදී පැවති 09 වන ආරක්ෂක සේවා ස්කොෂ් තරගාවලියේ පිරිමි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

බටහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් කේ කේ ජේ ද සිල්වා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එස් ඩී කොටගේ ඇතුලු ත්‍රිවිධ හමුදා නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි