ගුවන්වෛද්‍ය සහ ජීවත බේරාගැනීමේ දැනුම හවමාරු කරගැනීමේ අභ්‍යාසය - පැසිෆික් ඒන්ජල් 2016 - 03
10:55am on Tuesday 23rd August 2016
පැසිෆික් ඒන්ජල් අභ්‍යාසය යටතේ පවත්වන ලද ගුවන්වෛද්‍ය සහ ජීවිතබේරාගැනීමේ දැනුම් හුවමාරු කරගැනීමේ වැඩසටහන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකය, ඇමරිකානු ගුවන් හමුදාව සමග එක්ව සංවිධානය කරන ලදී. පසුගිය අගෝස්තු මස 15 වන දින සිට දින 5 ක් පුරා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලද මෙම අභ්‍යාසය සඳහා ඇමරිකානු නියෝජිත පිරිස පිළිගැනීම කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සාගර කොටකදෙනිය විසින් සිදු කරන ලදී.

මෙම වැඩ සටහන ඇමරිකාවනු සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් එක්ව දෙවන වතාවට පවත්වන ලද අතර සම සත්කාරකත්වය එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාව මගින් දරන ලදී. මෙහිදී වෛද්‍ය නිළධාරීන්, ගුවන් නියමුවන්, හෙද හෙදියන් සහ ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 20 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් විශේෂඥ දැනුම හුවමාරු කරගැනීම සහ අභ්‍යාසයන්හි නිරත වීම සිදු කරන ලදී. අනතුරුව ගුවන් වෛද්‍ය ජීවිත බේරා ගැනීමේ අභ්‍යාසය එක්සත් ජනපද සී 130 වර්ගයේ ගුවන් යානයක් ආධාරයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට යාපනය දක්වා පියාසර කරමින් සහ නැවත පැමිණීම මගින් සිදු කරන ලදී.

මෙම වැඩසටහන 2016 අගෝස්තු මස 19 වන දින නිමාවට පත්කරන ලද අතර  එහි සහතික පත් ප‍්‍රදානය කිරීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් සහ ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අද්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ලලිත් ජයවීරගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි