පාසල් දරු දැරියන් සදහා ගුවන්යානා සහ ගුවන්යානා ඉංජිනේරු තාක්ෂණ දැනුම පිළිබඳ වැඩමුළුව
6:35pm on Thursday 25th August 2016
පාසල් නිවාඩු සමයේ ගුවන්යානා සහ ගුවන්යානා ඉංජිනේරු තාක්ෂණය පිළිබදව පාසල් ළමුන් දැනුවත් කිරීම  සදහා තෙදින වැඩමුළුවක් ගුවන් හමුදා කෞතුකාගාරයේදී 2016 අගෝස්තු මස 22 දින සිට 24 වන දින දක්වා පවත්වන ලදි.

2016 අගෝස්තු මාසයේ නිවාඩු කාළ සීමාව තුල වැඩමුළු 05 ක් සංවිධානය කර පවත්වා ඇත. වැඩමුළුව සදහා  06 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා පාසල් දරු දැරියන් 60 දෙනෙකු සහභාගී විය.  එක් එක් වැඩසටහන් යටතේ දින 03 ක් පුරාවට ක්ෂේත‍්‍රය හා සම්බන්ධ ගුවන්යානා සහ ගුවන් සේවා පිළිබඳව මූලික දැනුම ලබා දෙන ලදි. වැඩමුලුවට සහභාගී වූ සියලු දරු දැරියන් සදහා දැනුම ලබා දීමට දේශන නිදර්ශන සහ ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම් වලට අමතරව අධීක්ෂණ පර්යේෂණ කටයුතු සිදු කරන ලදි.

මෙම දරු දැරියන් හට ගුවන්යානා ක්ෂේත‍්‍රය පිළිබදව දැනුම ලබා ගැනීම සදහා  ගුවන් හමුදා කෞතුකාගාරය මගින් ඉදිරියේදී  පවත්වනු ලබන වැඩසටහන් වලට සහභාගී වීමට අවස්ථාව උදාවනු ඇත. වැඩසටහනට සහභාගී වූ ළමුන් සදහා 'යොවුන් විශ්වාසනීය සමාජය' යන ගෞරවනීය සාමාජිකත්වය පිරිනමන ලදි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි