ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර - පළමු සැසිය
4:49pm on Friday 26th August 2016
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය (පළමු සැසිය) 2016 අගෝස්තු මස 25 වන දින පවත්වන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය විසින් අණදෙනු ලැබූ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී. පෙළපාලිය අතරතුරදී බලලත් නිලධාරීවරුන් 02 කු, ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් 04 කු, කණිෂ්ඨ අණ නොලත් නිළධාරීන් 03 කු, ගුවන් භටයින් 03 කු සහ එක් සිවිල් සේවක මහත්මයෙකු හට ඔවුන් ඉටුකරන ලද කාර්යයන් වෙනුවෙන් ගුවන් හමුදාධිපති ඇගයීම් සහතික පිරිනමන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු කලාප අංක 1 නිරීක්‍ෂණය කරන ලද අතර කඳවුරේ අනෙකුත් කලාප 2016 අගෝස්තු මස 26 වන දින නිරක්‍ෂණය කිරීමට නියමිතය.

ගුවන් හමුදාධිපති ඇගයීම් සහතික ලද්දෝ

17484 ප‍්‍රධාන බලලත් නිළධාරී  ඒඩබ්එස්එම් වීරසිංහ   - ගුවන් යානා විදුලි මෙවලම් ශීල්පී විශේෂ
17792 බලලත් නිළධාරී  ජීඒඒඑස් විජේබණ්ඩාර  - මෙහෙයුම් භූමි විශේෂ
22971 බලපන්ති සැරයන් ජයසිංහ ජේඑම්එස්කේ  - ගුවන් යානා විදුලි මෙවලම් ශීල්පී විශේෂ
23431 බලපන්ති සැරයන් අනුරාධ වයිඒ - ගුවන් යානා රෙදෙව් ශිල්පී විශේෂ
23529 සැරයන් ශාන්ත එම්ආර්එල්වී  - ගුවන් යානා රෙදෙව් ශිල්පී විශේෂ
27917 සැරයන් සෝමරත්න ඩබ්ඒඑම්එන්එන් - අවි ආයුධ ශීල්පී විශේෂ
012177 කෝප‍්‍රල් ඔ්විටිගල කේපී - පෑස්සුම්කරු III
014808 කෝප‍්‍රල් බණ්ඩාර කේඑම්ඩී - යාන්ත‍්‍රික ශීල්පී III
022838 කෝප‍්‍රල් මාලේවෙන  ඊපී - මෝටර් ප‍්‍රවාහන ක‍්‍රියාකරු III
022682 නායක ගුවන් භට පුෂ්පකුමාර කේජී  - ඉදිකිරීම් යාන්ත‍්‍රික ශිල්පී III
022775 නායක ගුවන් භට වනසිංහ ඩබ්එම්කේඑස් - මතුපිට කාර්මික ශිල්පී III
027860 නායක ගුවන් භට ක‍්‍රිශාන්ත කේඒජේ - වායුසමීකරණ ශිල්පී III
එම් ඒ නුවන් ලසන්ත මහතා

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි