ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ සංචාරයක
4:51pm on Friday 26th August 2016
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා ආරක්‍ෂක ලේකම් ඉංජිනේරු කරුනාසේන හෙට්ටිආරච්චි මහතා සමග අද (2016 අගෝස්තු 26) දින  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ සංචාරයක නිරත විය.

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගැනීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් සිදු කරන ලදී.

අමාත්‍යතුමන් කටුකුරුන්ද කඳවුරේ ස්ථාපිත නියමුවන් රහිත ගුවන් යානා පර්යේෂණ මධ්‍යස්ථානයේ ස්වදේශීය නියමුවන් රහිත ගුවන් යානා පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රගතිය නිරීක්‍ෂණය කරන ලදී.

ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා නිලධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි