අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2016
8:27am on Thursday 1st September 2016
2016 අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2016 අගෝස්තු මස 31 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පවත්වන ලදී.

ජූඩෝ තරඟකරුවන් තරඟකාරියන් 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී මෙම තරඟාවළිය සඳහා සහභාගී වූ අතර කටුනායක ගුවන් හමුදා කඳවුර සහ චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය  පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුර කොළඹ ගුවන් හමුදා කඳවුර සහ එකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිරිමි අංශයේ සම අනු ශූරතාවයට හිමිකම් කියන ලදී. කාන්තා අංශයේ අනුශූරතාවය ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් හිමිකර ගන්නා ලදී.
ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා ජූඩෝ සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවටය සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි