ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක
12:08pm on Friday 2nd September 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ සේවා වනිතා ඒකකය 2016 අගෝස්තු මස 30 වන දින මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක නිරත විය.

මුල්ලේරියා රෝහල මගින් කරන ලද ඉල්ලීමකට අනුව වාට්ටුව අවට වටපිටාව පිරිසිදු කිරීම සහ යටිතල පහසුකම් දියුණු කිරීම සදහා ශ‍්‍රමදාන ව්‍යාපාරයක් ද සංවිධානය කරන ලදි.

කදවුරේ කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් රෝගීන්ගේ මානසික සෞඛ්‍ය තත්වය වර්ධනය කරනු පිණිස විවිධ විනෝදාත්මක වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කල අතර සුමිහිරි පානයක් සහ දහවල් ආහාර වේලකින් සංග‍්‍රහ කිරීමට කටයුතු කරන ලදි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද වික‍්‍රමරත්න, එම කදවුරේ නිළධාරීන්, සේවා පුද්ගලයන් සහ ඔවුන්ගේ භාර්‍යාවන් ඇතුලූ පිරිසක් මෙම සංචාරය සදහා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි