දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල වෙත ගුවන් ගමන් වාරයක්
4:37pm on Tuesday 6th September 2016
ගුවන් හමුදා රත්මලාන කඳවුරේ සිට ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල දක්වා ගුවන් හමුදා සාමාජිකයන් වෙනුවෙන් සතියකට වරක් ගමන් කිරීමට නියමිත ගුවන් ගමන් වාරයේ පළමු ගමන් වාරය පසුගිය දා ආරම්භ කරන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගුවන් හමුදා රත්මලාන කඳවුරේ සිට සේවා සහ සිවිල් මගීන් පිරිසක් රැගෙන පැමිණි එම් අයි-17 වර්ගයේ ගුවන් යානයක් 2016 සැප්තැම්බර් මස 02 වන දින 0850 පැයට පමණ ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල වෙත ගොඩ බස්වන ලදී. මෙසේ පැමිණි සේවා සහ සිවිල් මගීන් ගුවන් හමුදා දියතලාව කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කැමිලස් ලැබ්‍රෝයි මහතා ඇතුළු නිලධාරීන් සහ පාසලේ සෙසු නිළයන් විසින් පිළිගන්නා ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි