ගුවන් හමුදා අන්තර් ඒකක සරඹ සහ තූර්ය වාදක තරඟාවළිය 2016
8:42am on Friday 9th September 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දින දර්ශනයේ තවත් එක් සුවිශේෂී අංගයක් ලෙස අන්තර් ඒකක සරඹ සහ තූර්ය වාදක තරඟාවළිය හැඳින්විය හැක. 2016 අන්තර් ඒකක සරඹ සහ තූර්ය වාදක තරඟාවළිය 2016 සැප්තැම්බර් මස 08 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු සරඹ පිටියේදී අති සාර්ථක අයුරින් නිමාවට පත්විය.

සියළුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් 23 කට අධීක කණ්ඩායම් සංඛ්‍යාවක් මෙවර තරඟාවළියට සහභාගී වූ අතර ඉන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කදවුර සහ ඒකළ ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල අවසන් මහා තරඟය සදහා සුදුසුකම් ලැබීය. මෙම කණ්ඩායම් තුන ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ඉදිරියේ තම දක්ෂතාවයන් ඉදිරිපත් කරන ලදී.

මෙහිදී ෆලයින් ඔෆිසර් පීඒඩීසී මදුශංක විසින් අණදුන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම (ලකුණු 407) ශූරතාවයට හිමිකම් කියනු ලැබූ අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් ඔවුන් හට ශූරතා කුසලානය පිරිනමන ලදි. ෆලයින් ඔෆිසර් කේවීඑම්එම් කීර්තිරත්න අණදුන් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරු කණ්ඩායම (ලකුණු 404.67) සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඞීඑම්කේ ගමගේ අණදුන් ඒකළ ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල්  කණ්ඩායම (ලකුණු 404.29) පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන හිමි කර ගන්නා ලදී.

තූර්යවාදක තරඟාවළියේදී මුලික කදවුර කටුනායක රෙඩ් වින් කණ්ඩායම සහ චීන වරාය විද්‍යාපීඨ මිලිටරි බෑන්ඩ් කණ්ඩායම තරඟ වදින ලදී. මෙහිදී කටුනායක රෙඩ් වින් කණ්ඩායම ලකුණු 705.5 ලබා ගනිමින් තුර්ය වාදක තරගාවලියේ ශුරතාවය හිමි කර ගැනීමට සමත්වූ අතර ලකුණු 657.5 ලබා ගත් චීන වරාය විද්‍යාපීඨ මිලිටරි බෑන්ඩ් කණ්ඩායමට අනුශුරතාවය හිමි විය.

ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය, කදවුරේ පක්‍ෂාංග අණදෙන නිළධාරීන් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු පවුල්වල සාමාජික/ සාමාජිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි