කඳවුරු අණදෙන නිලධාරීන් සහ අණදෙන නිළධාරීන් වෙනුවෙන් පරිපාලන සහ කළමණාකරණ වර්ධන වැඩසටහනක්
12:30pm on Monday 12th September 2016
මූලික කදවුරු අණදෙන නිළධාරීන් සහ ඒකක අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ හතරවන පරිපාලන සහ කළමණාකරන වර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය සැප්තැම්බර් 07 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී නිමාවට පත්විය. මෙම වැඩසටහන සැප්තැම්බර් මස 05 වන දින සිට සැප්තැම්බර් මස 07 වන දින දක්වා පවත්වන ලදී.

මෙම පුහුණු වඩසටහන පැවැත්වීමේ අරමුණ වූයේ ආතනික සංස්කෘතීන් හා පරිපාලන පරිසරය තුල අභියෝග වලට මුහුණ දීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ මූලික කදවුරු අණදෙන නිළධාරීන් සහ ඒකක  අණදෙන නිළධාරීන්ගේ පරිපාලන සහ කළමණාකරන කාර්ය සාධන හැකියාව වර්ධනය කිරීමයි.

එසේම මෙහිදී කඳවුරු අණදෙන නිළධාරීවරුන් සහ අණදෙන නිළධාරීවරුන් ඔවුන් එකිනෙකා අතර තම අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමද සිදුවිය. මෙම පුහුණු සැසිය තුළදී, දේශන සහ විෂයයන් නිසි උපදේශකයින් විසින් ඵලදායී සාකච්ඡුා සැසි  උපයෝගී කරගනිමින් සිදු කරන ලදී.

මෙම පුහුණු සැසියේ දේශන සහ විෂයන් පරිනත උපදේශකයන් විසින් මෙහෙයවනු ලැබූ අතර ඵලදායී සාකච්ඡුා සැසි සමගින් විශාල විෂය පථයක් ආවරණය කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි