අන්තර් ඒකක අත් පන්දු තරඟාවළිය 2016
8:31am on Thursday 15th September 2016
කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පක්‍ෂාංගය පරදවමින් 21-19 ක් ලෙස 2016 අන්තර් ඒකක අත් පන්දු තරඟාවළියේ ශූරතාවය දිනාගැනීමට කොළඹ ගුවන් හමුදා කඳවුර සමත්කම් දක්වන ලදී. තරඟාවළියේ අවසන් මහා තරඟය 2016 සැප්තැම්බර් මස 14 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

ගුවන් හමුදා අනුරාධපුර කඳවුර 3-2 ක් ලෙස පරදමින් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර එහි කාන්තා ශුරතාවයට දිනාගැනීමට සමත්විය.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් එම් ආර් කේ සමරසිංහ  ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩොර් සාගර කොටකදෙණිය, ගුවන් හමුදා අත් පන්දු සංචිතයේ සභාපති එයාර් කොමඩොර් ජනක නානායක්කාර, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි