මිනුස්කාහි එකසත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ පදක්කම් ප්‍රදානය කිරීම
9:15am on Tuesday 20th September 2016
මිනුස්කාහි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ දෙවන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියේ පදක්කම් ප‍්‍රදානොත්සවය පසුගිය ස2016 සැප්තැම්බර් මස 16 වන දින අති උත්කර්ෂවත් අන්දමින් මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ බ‍්‍රියා  හි පිහිටා ඇති බලඇණි පරිශ‍්‍රයේදී පවත්වන ලදී.

මිනුස්කාහි දේශපාලන කටයුතු සහ සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීම පිළිිිබඳ මහලේකම් නියෝජනය කරමින් විශේෂිත නියෝජිත අතිගරු ඩයෑන් කෝනර් මහත්මිය මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගී වූවාය.

මිනුස්කාහි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්හි මාණ්ඩලික ප‍්‍රධානී, බ‍්‍රිගේඩියර් ජෙනරාල් ජීන් එයුඩස් බැරැුයු (ප‍්‍රංශ යුධ හමුදාව), බි‍්‍රයා හි මිනුස්කා කාර්යාලයේ ප‍්‍රධානී, මිනුස්කාහි හමුදා පුද්ගල ප‍්‍රධානී, නැගෙනහිර මිනුස්කා කලාපයේ කලාප අණදෙන නිළධාරී සහ තවත් විශේෂ ආරාධිත පුද්ගලයින් පිරිසක් මෙම විශේෂ අවස්ථාවට සහභාගී වූහ.

මිනුස්කාහි ස්ථාපිත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියේ සාමාජිකයින්ගේ වෘත්තීය නිපුණත්වය සහ ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් විදහා දැක්වෙන අයුරින් බලඇණි අණදෙන නිළධාරී විසින් තම පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම පදක්කම් ප‍්‍රදානෝතසවය සංවිධානය කොට තිබිණි. උත්සවය වෙනුවෙන් ආරාධිත අමුත්තන් පිළිගැනීම ශ‍්‍රී ලංකා සම්ප‍්‍රදායට අනුව උඩරට නර්තන පිරිවරාගෙන සිදු කරන ලදී.  මෙහිදී අලංකාර සරඹ සංදර්ශනයක් සමග ශ‍්‍රී ලංකා සංස්කෘතියට අනුව ”තුරඟා වන්නම” , ”පන්දම් පාළිය” සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා බළඇණියේ කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් කරන ලද ඉදිරිපත් කිරීම නරඹන්නන් ඉතා සතුටට පත් කරන්නට සමත් කම් දක්වන ලදී.

මෙහිදී ප‍්‍රධාන ආරාධිත අමුත්තිය ඇතුළු සම්භාවනීය අමුත්තන් විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය මිනුස්කාහි කාල සීමාව තුළ පෙන්වා ඇති වෘත්තීය නිපුණතාව සහ කැපවීම පිලළිබඳ ප‍්‍රශංසා කරන ලදී. එසේම ඔවුන් සිය කථා වාරයන්හිදී මිනුස්කාහි ප‍්‍රධාන නගරය වන බැන්ගුයි නගරයෙන් පිටත පිහිටා ඇති එකම ගුවන් යානා බලඇණිය වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බළඇණිය පිළිබඳ සහ මුහුණු දෙන අභියෝග සහ අසීරුතා පිළිබඳවද අවධාරණය කරන ලදී.

උත්සවය අවසානයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය සමග බළඇණී සාමාජිකයින් සමූහ ඡුායාරූපයකටද පෙනී සිටියහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි