2016 දියකාවා යුධ අභ්‍යාසය නිමාවෙයි
8:45am on Wednesday 21st September 2016
දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ අවසන් අදියර 2016 සැප්තැම්බර් මස 20 වන දින ත‍්‍රිකණාමළය, අරිසිමෙලෙ හිදී සාර්ථකව නිමාවට පත්විය.

මෙම අවසන් අදියර සමස්ථ යුධ අභ්‍යාසයේම උච්චතම  අවස්ථාව වූ අතර එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ කුඩා කණ්ඩායම් වල සහයෝගය ඇතිව කොමාන්ඩෝ රෙජිමේන්තුව සහ විශේෂ බලකාය විසින් අරිසිමෙලෙ හි සතුරු කඳවුරු අල්ලා ගැනීමේ අවසන් ප‍්‍රහාරය දියත් කරන ලදී.

මෙහිදී ගුවන් හමුදාව විසින් ගොඩබිම සිටන මිතුරු හමුදා කණ්ඩායම් වෙත ගුවන් වෙඩි සහාය ලබා දීම, සැපයුම්, පැරෂුට් පැනීම්, යුධ භූමියේ සිටින තුවාල කරුවන් ප්‍රවාහනය ඇතුළු මෙහෙයුම් රැසක් සිදු කරන ලදී.

මෙම අවසන් යුධ අභ්‍යාසය නිරීක්‍ෂණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාද ත‍්‍රිකුණාමළය, අරිසිමෙලෙ හිදී ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්තුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, යුධ සහ නාවික හමුදාධිපතිතුමන් සමග එක්විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි