ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බැඞ්මින්ටන් තරගාවලිය - 2016
2:47pm on Friday 30th September 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරට ශූරතාවය සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි කදවුර අනුශුරතාවය හිමි කර ගනිමින් 2016 අන්තර් ඒකක බැඞ්මින්ටන් තරගාවලිය 2016 සැප්තැම්බර් 26 වන දින සිට 29 වන දින දක්වා තුම්මුල්ල ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථාන ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී සාර්ථකව නිමා විය. තරගාවලියේ සමාප්ත දින සියලූ ගුවන් හමුදා කදවුරු නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කල බලඝණ නායක බීඑච්කේකේ සෙනෙවිරත්න පිරිමි විවෘත තරගයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඞීඑල්එස් ඩයස් සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය ගුවන් හමුදා බැට්මින්ටන් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ටීඒඞීආර් සේනානායක ඇතුළු ජේ්‍යෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි