අංක 67 අධිකාරී නොලත් නිළධාරී කළමණාකරණ පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය කෙරේ.
3:51pm on Monday 3rd October 2016
අංක 67 අධිකාරී නොලත් නිළධාරී කළමණාකරණ පාඨමාලාව නිමා කරමින් සහතිකපත් ප‍්‍රදානය 2016 සැප්තැම්බර් මස 30 වන දන ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරු ඇස්ට‍්‍රා රගහලේදී පවත්වන ලදි.

විධායක බදවා ගැනීමේ නිළධාරී එයාර් කොමඩෝර් ඞීජේසී වීරකෝන් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පිඨාධිපති එයාර් කොමඩෝර් පීඞීකේටී ජයසිංහ මහතා මෙම අවස්ථාවට එක්විය.

මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වනුයේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව තුල සිටින අධිකාරී නොලත් නිළධාරීන් තුල නායකත්ව ගුණාංග දියුණු කර අධ්‍යාපනය සහ කළමණාකරණ දැනුම වර්ධනය කිරීමයි. පාඨමාලාව සති 11 ක කාළයක් පුරා නියමිත විෂය නිර්දේශයකට අනුව පැවැත්වුණු අතර පාඨමාලාවේ මිණුම් තලයන් සම්පූර්ණ කල සියලූ අධිකාරී නොලත් නිළධාරීන් හට කළමණාකරණය පිළිබද සහතිකපත් ප‍්‍රදානය කරන ලදි.

67 වන අධිකාරී නොලත් නිළධාරී කළමණාකරණ පාඨමාලාව සදහා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 38 ක්ද කනිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 42 ක්ද යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 02 ක්ද නාවික හමුදාවේ ප‍්‍රධාන සුළු නිළධාරීන් 01 ක්ද ඇතුළුව පුහුණුවන්නන් 81 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව නිමා කරන ලදි.

ජ්‍යෙෂ්ඨ අංශයේ සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස සම්මාන හිම කර ගැනීමට ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී 19162 බල/සැරයන් රවී ධනංජ එච්පී යූඑස්පී (ගුවන්යානා ඉලෙක්ට්‍රොනික් සහ මෙවලම් ශිල්පී) යන අය සමත් වූ අතර කනිෂ්ඨ අංශයේ සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 30318 කනිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී සමරකෝන් එස්එච්එම්එස්එල් (ගුවන් මෙහෙයුම්) යන අය සම්මාන හිමි කර ගැනීමට සමත් විය.

විශේෂ සම්මාන ලාභීන් පහත සදහන් පරිදි වේ

සෑම අතින්ම දක්‍ෂතම ජේ්‍යෂ්ඨ අණ නොලත් නිළධාරී
පළමු ස්ථානය    -    19162 බල‍්‍රසැරයන් රවී ධනංජ එච්පී
දෙවන ස්ථානය    -    23208 බල/සැරයන් කැන්‍දාම් ඩබ්ඩබ්එස්ආර්
තෙවන ස්ථානය    -    21845 ල/සැරයන් බණ්ඩාර

සෑම අතින්ම දක්‍ෂතම කනිෂ්ඨ අණ නොලත් නිළධාරී
පළමු ස්ථානය    -    30318 කෝප‍්‍රල් සමරකෝන් එස්එච්එම්එස්එල්
දෙවන ස්ථානය    -    38185 කෝප‍්‍රල් තිලකරත්න එම්එස්එම්කේ
තෙවන ස්ථානය    -    30676 කෝප‍්‍රල් කුමාර එම්එස්එස්
 
දක්‍ෂතම කථිකයා - ජ්‍යෙෂ්ඨ
21918 බල/සැරයන් දිසානායක ඞීඑම්එස්

දක්‍ෂතම කථිකයා - කනිෂ්ඨ
25451 කෝප‍්‍රල් නලීන් ඩී

ශාරීරික යෝග්‍යතා අතින් දක්‍ෂතමයා - ජ්‍යෙෂ්ඨ
25032 බල/සැරයන් බණ්ඩාර ආර්ආර්ජේවී

ශාරීරික යෝග්‍යතා අතින් දක්‍ෂතමයා - කනිෂ්ඨ
29382 කෝප‍්‍රල් විජේසිංහ ඒඞීඅයිඑස්ජේ

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි