අන්තර් ඒකක කරාටේ තරගාවලිය - 2016
10:49am on Friday 7th October 2016
අන්තර් ඒකක කරාටේ තරගාවලිය තුම්මුල්ල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී  2016 ඔක්තොම්බර් මස  06 දින පැවැත්විණ. ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල කඳවුර පිරිමි ශූරයන් බවට පත්වූ අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර කාන්තා ශූරතාව හිමිකර ගන්නා ලදී.

මෙහිදී  ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර පිරිමි අනුශූරයන් බවට පත්වූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කන්ඩායම මෙම තරගාවලියේ කාන්තා අනුශූරයන් බවට පත්විය.

 ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් වීරසිංහ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි