ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම පුහුණු වැඩසටහනක
4:50pm on Wednesday 23rd November 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පැවැත්වුණු පෙළඹවීම්, ගොඩනැංවීම් හා නායකත්ව පුහුණු වැඩසටහනක් 2016 නොවැම්බර් මස 17 දින සිට 21 දින දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරේදී සාර්ථකව අවසන් විය.

මෙම පුහුණු වැඩැසටහන ගුවන් හමුදා දියතලාව කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සී බී ලැබ්‍රෝයි මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණි.

කණ්ඩායමේ කාර්ය සාධනය සහ සාමාජිකයන් අතර ජයග්‍රාහී මානසිකත්වය වැඩි දියුණු කිරීම, න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව තුළින් ධනාත්මක චින්තනය වර්ධනය කිරීම අතරම ආත්ම විශ්වාසය, පෙළඹවීම, නායකත්ව කුසලතා ආදී ගුණාංග වැඩිදියුණු කිරීම සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආචාරධර්ම  වැඩි දියුණු කිරීම ආදිය මෙම පුහුණු වැඩසටහන තුළින් බලාපොරොත්තු විය. 

මෙම පුහුණු වැඩසටහනේ සමාප්ති උත්සවය ගුවන් හමුදා දියතලාව පුහුණු පක්ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් ජී පී එන් සී පියසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2016 නොවැම්බර් මස 21 වන දින පවත්වන ලදී. 

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි