අන්තර් ඒකක බිලියට් තරඟාවලිය 2016
1:29pm on Tuesday 29th November 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කදවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අංශයන්හි ජයග‍්‍රහණ හිමි කර ගනිමින් 2016 අන්තර් ඒකක බිලියට් තරඟාවලිය 2016 නොවැම්බර් මස 24 වන දින කටුනායක ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී සාර්ථකව නිමාවට පත්විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු පිරිමි කණ්ඩායම සහ එම කදවුරේ සැපයුම් සහ නඩත්තු කිරීමේ ඩිපෝ කාන්තා කණ්ඩායම පිලිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරයන් බවට පත්විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් (වෛද්‍ය) එල්ආර් ජයවීර මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා බිලියට් සංගමයේ සභාපති ගෲප් කැප්ටන් වයිඑස් සූරියආරච්චි, නිළධාරීන්, සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.
 
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි