ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අමිපාර කදවුර සිය 27 වන සංවත්සරය සමරයි
2:14pm on Tuesday 29th November 2016
ගුවන් හමුදා අම්පාර කදවුර සිය 27 වන සංවත්සරය 2016 නොවැම්බර් මස 25 වන දින සමරනු ලැබීය.

සංවත්සර දිනය ආරම්භ කරමින් කදවුරු අණදෙන නිළධාරී ඩබිඩබිපීඩී ප‍්‍රනාන්දු නිළධාරී විසින් උදෑසන පෙළපාලිය පරීක්‍ෂණයට ලක් කරන ලදි. අනතුරුව රැුස්ව සිටි පිරිස අමතමින් කදවුරු තත්වය නගා සිටුවීමට දායක වූ සියලුම අයවලුන්ට ස්තුතිය පුද කල අතර කදවුරේ ඉතිහාසය පිලිබදව කෙටි හැදින්වීමක් සිදු කරන ලදි. ඒවාගේම මානුෂීය මෙහෙයුම් කාලයේදී ඒ වෙනුවෙන් දැක්වූ දායකත්වය සහ ස්වාභාවික විපත්වලදී දැක්වූ දායකත්වය ඇතුලු අනාගත අභියෝග හා එහි වගකීම් පිළිබදව ගුවන් හමුදා කාර්ය භාරය පිළිබදව දැනුවත් කරන ලදි.

මෙදිනට සමගාමීව අම්පාර ලාතුගල ප‍්‍රාථමික පාසල් දරු දැරියන් සදහා පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන ලදි. අනතුරුව සියලුම නිළයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සහැල්ලු පන්දු කි‍්‍රකටි තරඟාවලියක් සංවිධානය කරන ලදි.

සංවත්සර දිනයේ එක් අංගයක් ලෙස කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ඩබ්පීඩී ප‍්‍රනාන්දු නිළධාරීගේ මගපෙන්වීම යටතේ කදවුරේ සියලු නිළයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2016 නොවැම්බර් මස 26 වන දින සර්ව රාති‍්‍රක පිරිත් දේශනයක් පැවැත්වූ අතර ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් යුධ සමයේ ජීවිත පූජා කල ගුවන් හමුදා රණවිරුවන් සහ අනෙකුත් හමුදාමය රණවිරුවන් හට සෙත්පතා පසුදින මහා සංඝරත්නය හට අටපිරිකර පුජා කරමින් දානය පිළිගන්වන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි